මහර බන්ධනාගාරයේ සිදු වු ගැටුම සොයාබැලීමේ කමිටුවට තමන්ගේ නම අධීකරණ අමාත්‍යවරයා නිර්දේශ කර ඇති නමුත් තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන බැවින් තමන්ව එම කමිටුවෙන් ඉවත් කර වෙනත් නිලධාරීයෙකුව පත් කරන ලෙස ඉල්ලමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත ලිපියක් යවා ඇත.
දෙසැම්බර් 01 වන දින එම ලිපිය අධිකරණ අමාත්‍යවරයා වෙත යවා ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරද්දී විවිධ අවස්ථාවලදී මහර බන්ධනාගාරය සම්බන්ධ කාරණා මාධ්‍යට ප්‍රකාශ කිරීමට සිදු වන බවත්, එබැවින් මෙම කමිටුවේ තමන් සිටිම සාදාචාරාත්මක නොවන බවත් අජිත් රෝහණ මහතා අදාල ලිපියේ සදහන් කර ඇත.