27.3 C
Colombo
Saturday, April 12, 2025

කිසිම දෙයක් නොදන්නා අජිත් රෝහණ

- Advertisement -

ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට ඊයේ (31) පැවති විරෝධතාවය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

ඊට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යවේදීන් නැගූ කරුණු ගණනාවකට ලබාදුන් පිළිතුර වූයේ තමන් එම කරුණු නොදන්නා බවයි.

මේ වන විට රටම කතාවන ඊයේ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පිළිබදව පවා අජිත් රෝහණ මහතා කිසිවක් නොදන්නා බවත්, එම මාධ්‍ය නිවේදනය නොදැක්ක බවත් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සදහන් කළා.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සදහන් වූයේ උද්ඝෝෂණයේ නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව අනාවරණය වී ඇති බවයි.

එමෙන්ම මෙහිදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇති බවද අදාළ නිවේදනයේ සඳහන් වුණා.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතරම් බරපතල ප්‍රකාශයක් ජනාධිපති මාධ්‍ය අංශය සිදුකර ඇති තත්ත්වයක් තුළදී ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස අජිත් රෝහණ මහතා ඒ පිළිබදව නොදන්නා බව පැවසීමද බරපතල තත්ත්වයක් වනවා.

මීට අමතරව අදාළ විරෝධතාවයේදී පහරකෑමට ලක්වූ සිවිල් වැසියන් කොපමණක්ද යන ප්‍රශ්නයට අජිත් රෝහණ මහතාගේ පිළිතුර වූයේත් නිශ්චිතව එම සංඛ්‍යාව නොදන්නා බවයි.

තවද මාධ්‍යවේදී තරිදු ජයවර්ධන මහතාට ජනාධිපති මාධ්‍ය අංශයේ පුද්ගලයින් විසින් තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔහු මිරිහාන පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබියදීත් ඒ පිළිබදවද නොදන්නා බව අජිත් රෝහණ මහතා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

“කොටු කැපීම” නීති විරෝධීයි අහුවෙන්න එපා! -NLB

කොටු කැපීම නමින් නීතිවිරෝධී සූදුවක් රටේ විවිධ ප්‍රදේශවලශවල ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනය කරනවා. නීති විරෝධී ලෙස මුදල්...

අවුරුද්දට ගමේ යන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අද (12) දිනයේද ක්‍රියාත්මකයි. ඒ අනුව, මහනුවර, පුත්තලම, දඹුල්ල හා ගාල්ල...

ප්‍රදේශ රැසකට අද තද වැසි

අද (12) උදෑසන කාලයේදී  බස්නාහිර සහ දකුණු පළාත්වලත්  පුත්තලම, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම...

POPULAR ARTICLES