28 C
Colombo
Monday, April 14, 2025

කාබුල් නුවරට යළිත් ප්‍රහාර එල්ලවේ යැයි අල්ජසීරා පුවත් සේවයද වාර්තා කරයි

- Advertisement -

කාබුල් නුවරට ISIL සංවිධානයේ ප්‍රහාරයක් එල්ල වීමේ දැඩි අවදානමක් තිබෙන බව අල්ජසීරා පුවත් සේවයේ චාර්ලට් බෙලිස් මීට ටික වේලාවකට පෙර පැවැසුවා ය.

තලේබාන් සංවිධානය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඔවුන් වෙත මුල්ම ප්‍රශ්නය ඉදිරිපත් කළ මාධ්‍යවේදිනිය වන්නේ ද චාර්ලට් බෙලිස් ය.
තලේබාන් සංවිධානය මෙම අනතුරු ඇඟවීම කර ඇතැයි ද ඇය කීවා ය.

“ISIL සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ල වීමේ දැඩි අවදානමක් තිබෙන බව අපට දැනුම් දුන්නා” යැයි චාර්ලට් බෙලිස් උපුටා දක්වමින් අල්ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.

“අද කොහෙත්ම ගුවන් තොටුපොළට යන්න එපා කියලා කිහිපදෙනෙක්ම කියනව මට ඇහුණා” යැයි ද ඇය කීවා ය.
චාර්ලට් කාබුල් නුවර රැඳී සිටිමින් අල්ජසීරා පුවත් සේවයට ප්‍රවෘත්ති වාර්තා කරයි.

කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දකුණු ප්‍රවේශ ගේට්ටුවට තලේබාන් සංවිධානය වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද වාර්තා වේ.

ආයුධ සන්නද්ධ ආරක්ෂාව යොදවා ආරක්ෂා කරන ප්‍රධාන ප්‍රවේශය වන්නේ ද එයයි. එමෙන්ම ගුවන් තොටුපොළේ වයඹ දෙසට වැඩි අවධානයක් යොමු කර ඇතැයි චාර්ලට් බෙලිස් කීවා ය.

“තලේබාන් සංවිධානය අයි.එස්.අයි.එල්. සංවිධානය ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් ඉන්නේ. ඔවුන් ජනතාව ගුවන් තොටුපොළෙන් ඈත් කරන්න පියවර අරගෙන තිබෙනව. ඔවුන් ජනතාව විසුරුවා හරිමින් ඉන්නවා. ජනතාවට ගුවන් තොටුපොළ දෙසින් ඈත් කරන්න පියවර ගෙන තිබෙනවා” යැයි ද ඇය කීවා ය.

අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය අයි.එස්.අයි.එස් සහ අයි.එස්.අයි.එල් නම්වලින් හැඳින්වේ.
එම සංවිධානය මීට කලකට පෙර ඇෆ්ගනිස්තානයට ඇතුළු වූ නමුත් සිය බලය ඇෆ්ගනිස්තානය තුළ ව්‍යාප්ත කිරීමට ඔවුන් සමත්ව නැත.

ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක අයි.එස්. සංවිධානයේ අනුබද්ධිත සංවිධානය අයි.එස්. -කේ. එසේත් නැතිනම් ඉස්ලාමික් ස්ටේට්-කොරාසාන් යනුවෙන් හැඳින් වේ.


RECENT ARTICLES - SINHALA

නීතිවිරෝධී කහ තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝග්‍රෑම් 1,142යි ග්‍රෑම් 700ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.  ඒ, කල්පිටිය, නොරෝච්චෝලේ දළුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ...

පුණ්‍ය කාලය උදා වෙයි

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 එනම් අද අපරභාග 8.57 සිට අප්‍රේල් 14 වනදා පූර්වභාග 09.45 දක්වා යෙදී...

මාර්තු මාසයේ ලංකාවට වාර්තාගත ඩොලර් ප්‍රමාණයක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 මාර්තු මාසයේ දී වාර්තා වී තිබෙනවා . මෙම ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම...

POPULAR ARTICLES

TikTokවල සිංහල සිංදු කියන ටැන්සානියාවේ කිලී පෝල්

ශ්‍රී ලංකාවේ Tiktok පරිශීලකයින් අතර මේ වන විට අතිශය ජනප්‍රිය ගීතයක් වන ‘දුමාරයේ’ ගීතය ටැන්සානියාවේ කිලී පෝල් විසින් ගායනා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ...

නීතිවිරෝධී කහ තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝග්‍රෑම් 1,142යි ග්‍රෑම් 700ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.  ඒ, කල්පිටිය, නොරෝච්චෝලේ දළුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ...

පුණ්‍ය කාලය උදා වෙයි

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 13 එනම් අද අපරභාග 8.57 සිට අප්‍රේල් 14 වනදා පූර්වභාග 09.45 දක්වා යෙදී...