ඉදිරි මැතිවරණ සඳහා සමගි ජන බලවේගය හා එක්ව තරග කිරීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.
එළැඹෙන මැතිවරණවලදී සමගි ජන බලවේගය හා එක්ව තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (20) එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වුණා.
එම සාක්ච්ඡාවේදී මෙම තීරණය ගත් බව ඔවුන් පවසනවා.