අලි සබ්රිට තවත් ඇමතිකමක්

මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා හට තවත් අමාත්‍ය ධූරයක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා. ඒ අනුව අලි සබ්රි මහතා අද (26) අධිකරණ අමාත්‍ය ධූරයේද දිවුරුම් දුන්නා. ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදීයි. කැබිනට් මණ්ඩල සංශෝධනයට පෙරද අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේද අලි සබ්රි මහතායි.