හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා යළි නීතීඥ වෘත්තියේ වැඩ ආරම්භ කර තිබෙන බවට ඔහු සිට X ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.
මම අයිති ස්ථානයට නැවතත් පැමිණීමට ලැබීම සතුටක් යනුවෙන් සඳහන් කරමින් , නීතීඥයින් පිරිසක් සමඟ සිටින ඡායාරූපයක් ඔහු එහි පළ කර තිබෙනවා.
ඒ අනුව, අලි සබ්රි මහතා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරන බවද වාර්තා වෙනවා.
2015 මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි අලි සබිරි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යටතේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේද, අධිකරණ, මුදල්, විදේශ යන අමාත්‍ය ධුරයන් දරනු ලැබුවා.
එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර සිටි අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ඉන් පරාජයට පත් වුණා.