ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් මොහොමඩ් උවයිස් පත්කර තිබෙනවා.
ඔහු මීට පෙර ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර 2021 දෙසැම්බර් මාසයේදී එම තනතුරින් ඉල්ලා අස්වී තිබිණි. ඒ, ඔහුට ඉල්ලා අස්වන ලෙස එවකට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල දැනුම් දීමෙන් පසුවයි.
මොහොමඩ් උවයිස් යනු හිටපු මුදල් හා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රිගේ සහෝදරයෙකි.
ඔහු අද (07) උදෑසන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී සිය ධුරයෙහි වැඩ ආරම්භ කර තිබෙනවා.