28 C
Colombo
Friday, July 5, 2024

රටින් පිටවීමට තවත් බාධාවක්

- Advertisement -

මෙරටින් නිකුත් කරන සියලුම ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීමත් සමඟ මෙම තීරණයට එළඹීමට සිදු වූ බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසන්නේ.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටින් නිකුත් කරනු ලබන සෑම ගුවන් ප්‍රවේශපත්‍රයකම ගාස්තු 27% කින් ඉහළ යනු ඇති.

මේ අතර, වසර 50කට පසු රත්මලාන ගුවන් තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කරමින් මාලදිවයිනේ ගුවන් සේවාවක් රත්මලාන ගුවන් තොටුපල වෙත ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කළා. මෝල්ඩිවියන් නැමති මෙම ගුවන් සේවාව සතියකට ගුවන් ගමන් වාර 3ක් ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර ඒ සඳහා ආසන 50ක ධාරිතාවකින් යුත් ඩී.එච්.සී. ඩෑෂ් අට වර්ගයේ ගුවන් යානා යොදාගැනෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

කතරගම යන බැතිමතුන්ට නිවේදනයක්

ඓතිහාසික කතරගම මහා දේවාලයේ පෙරහැරට පැමිණෙන බැතිමතුන්ගේ රථ වාහන ගාල් කිරීමේ ස්ථාන සම්බන්ධයෙන් දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පෙරහැර මංගල්‍යය හෙට (06) සිට...

PHI ඝාතනයට සම්බන්ධ තවත් තොරතුරු එළියට

ඇල්පිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව ඝාතනය කර ඇත්තේ ඉලක්කය වැරදීමෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඉලක්කය වී ඇත්තේ ඝාතනය...

කතරගම දවස් දාහතක් බාර් වහලා

රුහුණු කතරගම දේවලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන්, කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියළුම මත්පැන් අලෙවිසැල් දින 17ක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ...

POPULAR ARTICLES

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...