පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ ආරක්ෂිත කැමරා දර්ශන පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේදී අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් මෙම දර්ශන පොලිසියට භාර දීම සිදු කෙරුණා.
සංජීවගේ ඝාතනය අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී පසුගිය 19 වැනිදා උදෑසන ඝාතනයට ලක් වූ අතර කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් පරිදි අදාළ අරක්ෂිත දර්ශන විමර්ශන කණ්ඩායම් වෙත ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණා.
මේ අතර, ගනේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 07 වැනිදා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.