ජාතන්තර ඔලිම්පික් කමිටුවේ ජාතික ඔලිම්පික් කමිටු පිළිබඳ අව්‍යක්ෂ ජේම්ස් මැක්ලියොඩ් සහ ආසියානු ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ෂ ජනරාල් හුසෙන් අල් මුසල්ලාම්ගේ අත්සනින් යුතුව ඉකුත්දා නිකුත් කළ ලිපියකින් මේ බව දැනුම් දී තිබෙනවා.
ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ඇතුළු එහි ඇතැම් නිලධාරීන් වෙත එල්ල වී ඇති දූෂණ චෝදනා සහ ජාතික ඔලිම්පික් කමිටු විධායක මණ්ඩලය එකී චූදිතයන් ආරක්ෂා කරන පිළිවෙතකින් යුතුව කටයුතු කිරීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකාවට එරෙහි මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී තිබෙනවා.
ජාතික ඔලිම්පික් කමිටුවේ වරප්‍රසාද මෙන්ම එහි මානව සහ භෞතික සම්පත් අවභාවිත කරමින් ඒවා සිය තනතුරු රැකගැනීම පිණිස යොදාගැනීම, ප්‍රතිතන වීසා යොදාගනිමින් මිනිස් ජාවාරම සිදු කිරීම, ජාතික ඔලිම්පික් කමිටුවේ අරමුදල් අනිසි ලෙස වැයකිරීම, අල්ලස් හෝ කප්පම් ආකාරයේ මුදල් ලබාගැනීම, ශ්‍රී ලංකා නාමය ව්‍යාජ ලෙස යොදාගනිමින් අනීතික ක්‍රීඩා සංගම් බිහිකිරීම, ඥාති සංග්‍රහ සිදුකරමින් නුසුදුස්සන්ට ක්‍රීඩා ශිෂ්‍යත්ව පිරිනැමීම ආදී චෝදනා රැසක් මැක්ස්වෙල් ද සිල්වා ප්‍රමුඛ ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සහ හිටපු නිලධාරීන් රැසකට එල්ල වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය කරන ලද විමර්ශන වාර්තාවක් පදනම් කරගනිමින් මැක්ස්වෙල් ද සිල්වා තහනමකට ලක්කර අභ්‍යන්තර විමර්ශනයක් සිදු කළ යුතු බව ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාරධර්ම කමිටුව නිර්දේශ කළ නමුත් මැක්ස්වෙල් හිතවාදී බහුතරයක් සිටින ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලය විසින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළක්වන ආකාරයට ඉකුත් සමයේ කටයුතු කළා.
නමුත් මෙම තත්ත්වය සැලවූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, අදාළ ආචාරධර්ම කමිටුවේ නිර්දේශ පරිදි ක්‍රියාත්මක වෙමින් සිය යහපාලන ප්‍රතිපත්ති හා අනුගතව කටයුතු කරන ලෙස හා එසේ නොකළහොත් ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවට ඉකුත් නොවැම්බර් 05 වැනිදා අවවාදාත්මක ලිපියක් නිකුත් කළා.
එසේ තිබියදීද ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලය එය නොසලකා සිය අභිමතාර්ථය වූ මැක්ස්වෙල් ද සිල්වා සහ චූදිතයන් ආරක්ෂා කරන ආකාරයේ වැඩපිළිවෙළක යෙදුණු අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව වෙත සපයන ප්‍රතිපාදන අත්හිටුවීමට ආසන්නම හේතුව බවට පත්ව ඇත්තේ එම හැසිරීමයි.
මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක් බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ විශ්වසනීයත්වය සහ පිළිගැනීම දැඩිව කෙලෙසීමක්බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යොමුකර ඇති අවසන් ලිපියේ සඳහන්ව තිබෙනවා.
කෙසේ වුවද, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ශිෂ්‍යත්වලාභී මෙරට ක්‍රීඩකයන් වෙනුවෙන් ගෙවන දීමනාවල අත්හිටුවීමක් නොකරන බවද එහි වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.