31 C
Colombo
Friday, October 18, 2024

බංග්ලාදේශයේ සියලු පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමේ

- Advertisement -

බංග්ලාදේශයේ මේ දිනවල පැවැත්වෙන රජයේ රැකියා සඳහා කෝටාව ලබාදීම සම්බන්ධයෙන් විරෝධතාවලදී පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බංග්ලාදේශ රජය නිවේදනය කර ඇත්තේ මේ හේතුවෙන් එරට සියලුව පාසල් සහ විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙනතුරු වසා දමන බවයි.

1971 පකිස්ථානයෙන් නිදහස් වීමට දියත් කළ නිදහස් සටන්කාමීන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා 30% ක වෙන්කිරීමක් ඇතුළත් රාජ්‍ය අංශයේ රැකියා කෝටාව සම්බන්ධයෙන් සති ගනනාවක් තිස්සේ බංග්ලාදේශය පුරා විරෝධතා පැවැත්වුණා.

මෙම කෝටාව මඟින් ඇතැම් රැකියා කාන්තාවන් ,වාර්ගික සුළු ජාතින් සහ ආබාධ සහිත වූවන් සඳහා ද වෙන් කර තිබෙනවා.

එමෙන්ම, තනතුරුවලින් තුනෙන් එකක් රණවිරුවන්ගේ දරුවන් සඳහා ලබාදීමටද  එමඟින් තීරණය කර ඇති බව සඳහන්.

මිලියන 170ක මුළු ජනගහනයක් සිටින බංග්ලාදේශයේ මිලියන 32කට ආසන්න තරුණ තරුණියන් පිරිසක් රැකියා හෝ අධ්‍යාපනය නොලබන පිරිසක්වන අතර, මෙම රැකියා කෝටාව ඉහළ තරුණ විරැකියා අනුපාතවලට මුහුණ දෙන සිසුන් අතර කෝපය තව තවත් වැඩි කර ඇති බවයි වාර්තා වෙන්නේ

විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීම අගමැතිනි ෂේක් හසීනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මෙම විරෝධතා උත්සන්න වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රෝහල් රැසක විකිරණ පරික්ෂණ සේවා අඩාල වෙලා

රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින පරිපුරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින්ගේ හිඟය හේතුවෙන් මෙරට රෝහල් 8ට වැඩි ප්‍රමාණයක විකිරණ පරික්ෂණ සේවාවන් අඩාල වී ඇති බව...

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔහුව...

වෙළෙඳපොළේ නාඩු හාල් හිඟයක්?

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙළඳුන් පවසනවා. නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දී ගැනීමට නම්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...