28 C
Colombo
Thursday, September 19, 2024

අරගලයේ නඩු භාණ්ඩ වෙන්දේසියට අවසර

- Advertisement -

ගාලුමුවදොර අරගල භූමියේ දී 2022 වසරේ මැයි 09 වැනිදා සිදුවූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නඩු භාණ්ඩ මාස දෙකක් ඇතුළත වෙන්දේසි කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අදාළ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ (22) කැඳවූ අවස්ථාවේදී.

2022 වසරේ අප්‍රේල් 09 වැනිදා ගාලු මුවදොරදී ඇරඹි අරගලයෙන් මාසයකට පසු එනම් එම වසරේ මැයි 09 වැනිදා එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහාය පළ කළ පිරිසක් හා ගාලුමුවදොර අරගලකරුවන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගත්තා.

වාහන ගිනි තැබීම්, දේපළ හානි මෙන්ම දේශපාලනඥයින්ගේ නිවාස ගිනි තැබීම ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් ඉන් පසුව ​සිදුවූ අතර එම කාලසීමාවේදී පොලිස් භාරයට ගත් නඩු භාණ්ඩ රැසක් අධිකරණයේ තැන්පත් කර තිබුණා.

එම නඩු භාණ්ඩවලට අදාළ නඩුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එලෙස අධිකරණයේ පවතින අරගල භූමියේ තිබූ දේපළ මාස දෙකක් තුළ වෙන්දේසි කර එහි මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙසයි.

විනිසුරුවරයා මෙම තීන්දුව ලබාදුන්නේ පැදුරු, කොට්ට, ජෙනරේටර් ඇතුළු එම භාණ්ඩවලට අයිතිවාසිකම් කීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන්.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ නඩුවේ විමර්ශන අවසන් කර නීතිපති උපදෙස් සඳහා එම ගොනුව යොමු කර ඇති බවයි.

මෙම සිද්ධියේදී සැකකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මේ වන විට අභාවප්‍රාප්ත වී ඇති බව එහිදී පොලිසිය අධිකරනය හමුවේ කියා සිටියා.

අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු අනෙක් සැකකරුවන් 36 දෙනාගෙන් 30 දෙනෙකු ඊයේ විවෘත අධිකරණයේ පෙනී සිට තිබුණා.

මෙම සිද්ධියට අදාළ නඩුව නැවත නොවැම්බර් මස 6 වෙනිදා කැඳවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙම

නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක්...

මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය වූ ධීවරයෙක් ජාතික රෝහලට

මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී එම ධීවරයාව මෙලෙස මාළුවකු...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...