33 C
Colombo
Sunday, February 23, 2025

පවිත්‍රාට ඔක්සිජන් ලබාදුන්නත් ඇයගේ තත්ත්වය අසාධ්‍ය නැහැ – කාංචන

- Advertisement -

කොවිඩ් 19 ආසාදනය වීමෙන් අනතුරුව ජාතික බෝවන රෝග රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අසනීප තත්ත්වයෙන් පසුවන අතර ඇයට පවත්නා හුස්ම ගැනීමේ අපහසුතා තත්ත්වයක් හේතුවෙන් ඇයට ඔක්සිජන් ලබා දුන්නද ඇයගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව අමාත්‍යවරියගේ සැමියා වන කාංචන ජයරත්න මහතා ඩේලි මිරර් පුවත්පතට පවසා තිබෙනවා.

ජයරත්න මහතා පවසන පරිදි, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොතලාවල ආරක්ෂක පීඨ රෝහලේ කොවිඩ් 19 සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදීද හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යවරිය දැඩි උණ සහ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන බැවින් ඇයව IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කරන ලෙස වෛද්‍යවරු උපදෙස් දී තිබුණා.

සෞඛ්‍ය අමාත්‍යවරියගේ PCR පරීක්‍ෂණයෙන් පසුව කාංචන ජයරත්න මහතා සහ ඔහුගේ පවුලේ අය නිරෝධායනයකට ලක් කර ඇති නමුත් ඊයේ ඔවුන් සම්බන්දයෙන් පවත්වන ලද දෙවන PCR පරීක්ෂණය ද සෘණාත්මක වී තිබුණා.
ඇමතිවරියගේ ආරක්ෂක අංශයේ කිසිවෙකුද මේ වන විටත් කොවිඩ් ආසාදිතයන් බවට හදුනාගෙන නැහැ.
කෙසේ වෙතත් ඇමතිවරයාගේ පවුලේ සාමාජිකයන් තව දුරටත් නිරෝධායනට ලක්කර තිබෙනවා.

ආයුර්වේද වෛද්‍යවරයකු වශයෙන් හදුන්වන වන ධම්මික බණ්ඩාර නැමැත්තාගේ කොරෝනා පැණිය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පානය කර ඇති තත්ත්වයක් තුළ ඇයට කොවිඩ් 19 ආසාදනය වී තිබීම පිළිබදව එල්ලවන විවේචනවලට ප්‍රතිචාර දක්වමින් ජයරත්න මහතා ඩේලිමිරර් පුවත්පතට සදහන් කර ඇත්තේ අමාත්‍යවරිය එම පැණිය ඖෂධයක් ලෙස පානය කර නැති බවත් ධම්මික බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි දිනයේ තෑගි ලෙසින් ලැබුණු පැණි හැන්දක් පමණක් ඇය පානය කළ බවයි.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදීම ගැන රජයෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ලබාදීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මන්ත්‍රීවරුන්ගේ...

ප්‍රතිපත්ති තිබ්බට වැඩක් නෑ ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් – හරිනි

අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය ඒ බව...

රටේ ජාතික ආරක්ෂාව තහවුරුයි – ජනපති

රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා...

POPULAR ARTICLES