අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සහ අම්බලන්ගොඩ කුලරත්න මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එකම පවුලේ සිසුන් දෙදෙනෙකුගේ මව්පියන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.
අදාල පාසල් විශබීජහරණය කර ඇති බවත් වාර්තා වේ.
ඒ අනුව, එම සිසුන් අධ්‍යාපනය ලැබූ පන්ති කාමරවල සෙසු සිසුන් සහ ගුරුවරුන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් පාසැලේ සෙසු කටයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සිදුකරගෙන යෑමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.
ආරක්ෂක අංශ සාමාජිකයෙකු ලෙස සේවය කරන අදාල සිසුන්වගේ පියා ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදී තම දරුවන් පාසැල වෙත යොමුකර ඇති බවත් වාර්තා වේ.