පානදුරේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගිලන් රථයකට වෙඩි තැබීමට උත්සාහ දරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
පානදුර මූලික රෝහල අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පැවසෙන්නේ.
එහිදී නාදුනන පුද්ගලයන් සිව්දෙනෙකු විසින් ගිලන් රථයේ රියදුරු වෙත වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමට උත්සහ කර ඇති නමුත් වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.