අතීතයේ පෘතිගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයන් කළ අයුරින්ම වර්තමානයේත් ඇමරිකාව, ඉන්දියාව සහ චීනය වැනි ලෝක බලවතුන් ගිවිසුම් ගසමින් මෙරට දේපළ කොල්ලකන බව ජාතික ජනබලවේගය පවසනවා.
පසුගියදා පැවති ජන රැලියක් අමතමින් ජාතික ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් කණ්ඩායම් නායක නලින් හේවගේ පවසා සිටියේ කුඩා දූපතක් වුවත් ශ්‍රී ලංකාවේ වැදගත්කම එම රටවල් හඳුනන බවයි.
රටක් වශයෙන් දියුණු වීමට අවශ්‍ය සෑම සම්පතක්ම තිබියදී රට දියුණු කිරීමට නොහැකිව ඇත්තේ ඊට අවශ්‍ය නායකත්වය නොමැතිකමෙන් බවත් ඊට අවශ්‍ය ඉදිරි පියවර මෙවර මැතිවරණයෙන් ගත යුතු බවත් ඔහු පවසනවා.
සුපුරුදු ලෙසට කොළ-නිල් බල හුවමාරුවට මෙවරත් හසුවුවහොත් ශ්‍රී ලංකාව ඇමරිකාව, ඉන්දියාව සහ චීනය වැනි ලෝක බලවතුන්ගේ තිප්පොලක් බවට පත්වනු ඇති බවයි ඔහු පවසන්නේ.
රට ගොඩ නැගීමට ඇති එකම විකල්පය ජාතික ජනබලවේගය බවත් ඒ වෙනුවෙන් මැතිවරණ දිනයේදී උදෑසනම ඡන්දපොළට ගොස් තම ඡන්දය මාලිමාව වෙනුවෙන් සටහන් කළ යුතු බවටත් නලින් හේවගේ අවධාරණය කරනවා.