අමෙරිකාවේ භාණ්ඩ මත චීනය විසින් පනවා ඇති තීරු බදු ඉවත් නොකළහොත් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමතර 50%ක බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය පසුගිය සතියේදී ඔහු චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ප්‍රකාශයට පත් කළ 34%ක තීරුබදුවලට අමතරව මෙම නව බදු පැනවෙනු ඇති බවයි.
චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා මින් පෙර 20%ක බද්දක් පැනවීමටත් අමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණු අතර අප්‍රේල් 09 වැනි දින සිට චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තවත් 34%ක බද්දක් පැනවීමටත් තීරණය කර තිබුණා.
අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පසුගිය දින චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 34%ක තීරු බදු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පසුගිය සතියේදී චීනය විසින් අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 34%ක තීරු බදු පැනවීමට පියවර ගෙන තිබුණා.