ඇමරිකානු ගුවන් සේවය රට පුරා ගුවන් ගමන් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ‘තාක්ෂණික ගැටළුවක්’ හේතුවෙන්.
ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පැවසුවේ සියලුම ගුවන් ගමන් සඳහා බිම් නැවැත්වීමක් ඉල්ලා සිටි බවයි.
“අපි දැන් තාක්ෂණික ගැටළුවක් අත්විඳිමින් සිටිමු,” යනුවෙන් එරට ගුවන් සේවය X වෙත සටහනක් තබමින් පවසා තිබෙනවා.
මෙම ගැටලුව විසඳා ගැනීමට කොපමණ කාලයක් ගතවන්නේ දැයි තවමත් නිශ්චිතවම ප්‍රකාශකළ නොහැකි බවත් හැකි විගසින් එය යථා තත්ත්වයට පත්කර ගැනීමට අවශ්‍යය පියවර ගනිමින් සිටින බවත් එම අමෙරිකානු ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කළා.