25 C
Colombo
Saturday, January 11, 2025

ගොවි ගැටලු සොයන අමෙරිකානු තානාපතිනිය

- Advertisement -

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලු‍ගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යකාගස්වැව ගොවීන් මුහුණ දෙන ගැටලු‍ සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමෙරිකානු තානාපතිනිය ඊයේ (24දා) එම ගම්මානයේ සංචාරයක නිරත වී තිබෙනවා.

මෙහිදී ගොවීන් තමන්ට  තිබෙන ගැටලු‍ සම්බන්ධයෙන් තානාපතිවරිය දැනුවත් කළ අතර, ඇමරිකානු ආධාර යටතේ ටී.එස්.පී. පොහොර ලබා දීම සම්බන්ධයෙන්  ගොවි ජනතාව තානාපතිනිය හට ස්තූතිය පළකර තිබෙනවා.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇමෙරිකානු තානාපතිනි ‘ජූලී චන්ග්‘ මහත්මිය මෙසේ පැවසුවාය .

අද මං අනුරාධපුරයට ආවේ අනුරාධපුර ගොවීන් පසු ගිය කාලේ මුහුණ දුන් ගැටලු‍ සාකච්ඡා කරන්න. මේ අවුරුද්දේ ඇමරිකාව ආහාර සුරක්ෂිතතාව සඳහා ඩොලර් මිලියන 46ක ආධාරයක් ලබා දී තිබෙනවා. ගොවීන් මිලියනයකට අධික ප්‍රමාණයකට මඩ පොහොර (ටී.එස්.පී.) පොහොර ලබා දී තිබෙනවා, කුඩා ප්‍රමාණය ගොවීන්ට යූරියා පොහොර ලැබිලා තියෙනවා. එමගින් විශාල සහනයක් ගොවීන්ට ලැබෙනවා. මේ ප්‍රදේශයේ බොහෝ ගොවීන් තුන්වන හතරවන පරම්පරාවේ අය.ඒ අය දුක් කම්කටොලු‍ රාශියකට මුහුණ දී තිබෙනවා.
මේ අයගේ ප්‍රධාන ගැටළුවක් තමයි වී අස්වැන්න සඳහා දරන්න වෙලා තියෙන මිල ඉහළ යාම. කාර්යක්ෂම නිෂ්පාදන කුසලතා අඩුවීම වැනි ගැටලු‍
අපිට ඕනේ ශ්‍රී ලංකාවට උදව් කරන්න.අපි විශ්වාස කරනවා ඉදිරියේදී ශ්‍රී ලංකා ලංකාව සහල් ඇතුළු ආහාර අපනයනය කරන තත්ත්වයට පැමිනෙයි කියලා. එහෙම වෙන්න නම් ගොඩක් කෘෂිකාර්මික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි.

RECENT ARTICLES - SINHALA

ධනංජයගේ සහෝදරයා රිමාන්ඩ්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ජනවාරි 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර...

වැඩි වූ මත්පැන්වල මිල ගණන් මෙන්න

අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සඳහා වන නිෂ්පාදන බද්ද 6 % කින් වැඩි කර තිබෙනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මුදල් අමාත්‍යාංශය ඒ බව...

පොලීසියට අලුතින් SPEED GUN

ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට අධික වටිනාකමකින් යුත් වේග මාපක (SPEED GUN) උපකරණ 30 ක් රථ වාහන නිලධාරීන් වෙත ලබා දී...

POPULAR ARTICLES