තම ජීවිතය තුළදී නැවත කිසිඳු දිනක දේශපාලනය නොකරන බව ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පවසනවා.
අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, කුහක නොවී ජාතික ජන බලවේග ආණ්ඩුවට රට ඉදිරියට ගෙන යාමට ඉඩ ලබා දෙන බවයි.
එමෙන්ම ආණ්ඩුවේ තනතුරක් දැරීමට බලාපොරොත්තු වන්නේදැයි මාධ්‍යවේදීයෙක් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇය සඳහන් කළේ, නැවත කිසිමදාක තමා දේශපාලනය කිරීමට බලාපොරොත්තු නොවන බවයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ දමිතා අබේරත්න මහත්මිය :
“අනුර කුමාර ජනාධිපතිවරයා කියන්නෙම පොඩි මිනිහාගේ දුක දන්න කෙනෙක්. ඉතිං එතුමාට පුළුවන් වේවි සහන දෙන්න. මම හිතනවා තාම අරදේ කරන්න, මේ දේ කරන්න, මේක කරලා ඕනේ, අරක කරලා ඕනේ එකපාර ගොඩක් ප්‍රෙෂර් එකක් ඔලුවට දාන්න අපි තාම අලුත් වැඩියි. මේ රජය භාර ගත්තා විතරනේ මේ රට. කුහක නොවී අපි ඉඩ දීලා බලමු.
මම දේශපාලනය කරන්නේ නැහැ මම, ආයේ ජීවිතේට දේශපාලනය කරන්නේ නැහැ”