24.8 C
Colombo
Thursday, November 28, 2024

අම්පාර ට්‍රැක්ටර් අනතුර: තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගනී

- Advertisement -

අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුන් හයදෙනාගෙන් තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මේ වනවිට සිසුන් සිව් දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අතුරුදන් අනෙක් සිසුන් දෙදෙනා, ට්‍රැක්ටර් රථයේ රියදුරා හා සහායකයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අම්පාර, කාර්තිව්, මාවඩිපල්ලි පාලම අසලදී සිසුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවී ගසාගෙන යෑමේ සිදුවීම වාර්තා වුණේ පසුගිය 26 වැනිදා පස්වරුවේයි.

එලෙස අනතුරට ලක්වුණේ නින්දවූර් මද්‍රසා පාසලේ සිසුන් පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක්.

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් එම පාසලට නිවාඩු ලබාදී තිබූ අතර, ඒ වනවිටත් අම්පාර කල්මුණේ ප්‍රධාන මාර්ගය මෙන්ම දෙපස පිහිටි වෙල්යාය මාවඩිපල්ලි පාලම අසලින් වැසි ජලයෙන් යටවී තිබුණා.

මේ හේතුවෙන් සමන්තුරේ ප්‍රදේශයේ පදිංචි දරුවන්ට සිය නිවෙස් වෙත යෑමට නොහැකි වී තිබුණා.

එහිදී සිසුන් 11 දෙනෙකු සමන්තුරේ දෙසට ගමන්කරන ට්‍රැක්ටර් රථයකට ගොඩවී ඇති අතර, සිසුන් රැගත් ට්‍රැක්ටරය මාර්ගයේ ජලයෙන් යටවූ ස්ථානය හරහා ගමන් කරමින් තිබියදී එය අනපේක්ෂිත ලෙස සැඩපහරකට හසුවී පෙරළී ගොස් තිබුණා.

එහිදී ට්‍රැක්ටර් රථයේ සිටි පිරිස සැඩ පහරේ ගසාගෙන ගොස් ඇති බව පොලීසිය පැවසුවා.

කෙසේවෙතත්, ඒ අතරින් සිසුන් 5 දෙනෙකු දිවි බේරාගැනීමට සමත්වී තිබූ නමුත් සෙසු පිරිස අතුරුදන්ව තිබුණා.

මෙලෙස අතුරුදන් වී තිබුණේ වයස අවුරුදු 12ත් 16ත් අතර වයස්වල පසුවන සිසුන් පිරිසක්, ට්‍රැක්ටර් රථයේ රියදුරා සහ සහායකවරයායි.

RECENT ARTICLES - SINHALA

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල්...

අස්වැසුම ගැන දැනුම්දීමක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක්  දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන...

තවත් අමාත්‍යාංශ දෙකකට අලුත් ලේකම්වරු පත් කරලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම්...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේ දෙවැනි දිනය

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (28) දෙවැනි දිනටත් පැවැත්වෙනවා. තරගය දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී පස්වරු 1ට ආරම්භ වීමට නියමිතයි. වර්ෂාවෙන් බාධා...

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල්...

අස්වැසුම ගැන දැනුම්දීමක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක්  දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන...