24.9 C
Colombo
Thursday, November 28, 2024

අම්පාර ට්‍රැක්ටර් අනතුර:රියදුරුගේ මළ සිරුර හමුවෙලා

- Advertisement -

අම්පාර කාර්තිව් ප්‍රදේශයේ දී සිදුවූ ට්‍රැක්ටර් රථ අනතුරින් දියේ ගිලී අතුරුදන් වු බවට වාර්තා වු ට්‍රැක්ටර් රථයේ රිය සහායක කාර්තිව් පොලිස් ස්ථානයට පැමිණ ඇති බවට වාර්තා වනවා.

කාර්තිව් පොලීසිය සඳහන් කළේ අද (28) පෙරවරුවේ පොලිස් ස්ථානයට ඉදිරිපත් වු ඔහු ගංවතුර තත්ත්වය අතරතුර ආරක්ෂක අංශ උපදෙස් නොතකමින් අනතුරුදායක ලෙස ට්‍රැක්ටර් රථයෙන් මුදලට පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර, ට්‍රැක්ටර් රථයක් පෙරළි යාමෙන් අතුරුදන් වු පාසල් සිසුන් සිව්දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.

එහෙත් සිසුන් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

මේ අතර අයහපත් කාලගුණ තත්වය අතරතුර වව්නියාව, මහකච්චාකොඩිය වැවේ වාන් දැමීම නැරඹීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති අතර ත්‍රිකුණාමලය යාන්ඔය ගඟේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු ද බෝට්ටුවක් පෙරළී යාමෙන් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

ආපදා තත්ත්වයෙන් සිදුවු මරණවලින් වැඩි සංඛ්‍යාවක් අනතුරුදායක තත්ත්වය නොසලකමින් කටයුතු කිරීම හේතුවෙන් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජානක හඳුන්පතිරාජ මහතා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

කිරිපිටි පැකට් උස්සා ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දුන් කතක් අත්අඩංගුවට

සුපිරි වෙළඳසැලකින් රුපියල් 6000ත් පමණ වටිනා කිරිපිටි පැකට් සොරාගෙන ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දී පලාගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසනවා. පොලීසිය...

හෙට කාලගුණය ගැන නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

පොලිස් වෙබ් අඩවිය අලුත් වෙයි – ඔන්ලයින් සේවා රැසක්

ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය වන www.police.lk යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා අද (27) දින එළිදක්වා තිබෙනවා. බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ...

POPULAR ARTICLES

කිරිපිටි පැකට් උස්සා ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දුන් කතක් අත්අඩංගුවට

සුපිරි වෙළඳසැලකින් රුපියල් 6000ත් පමණ වටිනා කිරිපිටි පැකට් සොරාගෙන ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දී පලාගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසනවා. පොලීසිය...

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 191කට සීමාවෙලා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලුදෙනා දැවී රැස් කරගත්තේ...

හෙට කාලගුණය ගැන නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...