24.5 C
Colombo
Monday, November 25, 2024

මනූෂට චෝදනාවක්

- Advertisement -

පසුගිය රජය සමයේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර, කැබිනට් පටිපාටියට පටහැනිව යමින් සිදු කළ ක්‍රියාවක් හේතුවෙන් කොරියානු E8 වීසා ගැටලු‍ව උද්ගතව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය චෝදනා කරනවා.

එහි සභාපති කෝසල වික්‍රමසිංහ අද (25) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ මෙමගින් විශාල ලෙස මුදල් වංචා කිරීම් ද සිදුව ඇති බවයි.

කොරියානු E8 වීසා කාණ්ඩය යටතේ තමන්ව ලියාපදිංචි කර නොගන්නා බව පවසමින් රැකියා බලාපොරොත්තුවෙන් සිටි පිරිසක් ආරම්භ කර සත්‍යග්‍රහය අද තුන්වන දිනයටත් ක්‍රියාත්මකයි.

ඊයේ රාත්‍රීයේත් එම පිරිස විදේශ සේවා නියුක්ති කාර්යංශය අසල රැඳී සිටියා.

එමෙන්ම අදාළ පිරිස සිය ගැටළුවට විසදුම් ඉල්ලා අද උදෑසන විරෝධතා පාගමනක් ද සංවිධානය කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 200ක ණයක්

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක ණය මුදලක්  අනුමත කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ආසියානු සංවර්ධන...

මීගමුව කලපුවේ අතුරුදන් වූ දියණියගේ මළ සිරුර සොයා ගනී

මීගමුව, මුන්නක්කරෙයි කලපුව ආශ්‍රිතව බෝට්ටුවක් පෙරළීමෙන් අතුරුදන්වූ දියණියගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා. සිද්ධියෙන් අතුරුදන්වූ පියා මෙතෙක් සොයා ගෙන නොමැති බව පොලීසිය පැවසුවා. මීගමුව , මුන්නක්කරෙයි...

පක්ෂ නායකකම දුන්නොත් සිරිකොතට එන්න සූදානම් – හර්ෂණ

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දක්ෂිණාන්ත දේශපාලනය කරන කණ්ඩායම් එකට එක්විය යුතු බවත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාට සමඟි...

POPULAR ARTICLES