24 C
Colombo
Monday, January 20, 2025

“ගෝඨාභයත් නව ලිබරල් පාරේ” – කොමියුනිස්ට් පක්ෂයෙන් දෝස්මුරයක්

- Advertisement -

වර්තමාන ආණ්ඩුවත් ගමන් කරමින් සිටින්නේ නව ලිබරල්වාදී ආර්ථික මාවතේම යැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

ධන කුවේරයන්ගෙන් විශාල වශයෙන් බදු අය කර පොදුජනයා පීඩාවෙන් මුදාගැනීම ආණ්ඩුවේ වගකීම වුවත් මේ ආණ්ඩුව ද වක්‍ර බදු වැඩි කර ජනතාව පීඩාවට පත් කර ඇතැයි වෛද්‍ය ජී.වීරසිංහ මහතා ‘ලංකාදීප’ පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

කෘෂිකර්මය හා නිෂ්පාදන ආර්ථිකය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට ද සැලැසුමක් නැතැයි චෝදනා කර ඇති හෙතෙම මෙම ගමන්මගේම දිගටම යන්නට ඉඩ දිය නොහැකි යැයි ද පවසා ඇත.

රටේ ආර්ථිකයේ විශාල අර්බුදයක් හටගෙන ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙකේ තට්ටු මාරු වැරැදි ආර්ථික පිළිවෙත් නිසා යැයි ද ජනාධිපතිවරයා සියල්ලට පෙර ජනතාවට ඇත්ත කිව යුතු යැයි ද කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්වරයා වූ ඩිව් ගුණසේකර මහතා ද කොළඹ වරායේ කොටස් විදේශ සමාගම් සතු කිරීමට එරෙහිව පසුගියදා දැඩි විවේචනයක් කළේය.

RECENT ARTICLES - SINHALA

සති අන්තේ රිවස්ටන් යනවනම් දැනගෙන යන්න

ලෝක උරුම නකල්ස් කලාපයේ රිවෙස්ටන් සහ පිටවල පතන නැරඹීම සදහා දේශිය සහ විදේශීය සංචාරකයින් විශාල පිරිසක් සති අන්ත දිනවල පැමිණීම නිසා ඉතා අධික වාහන...

සුජීව සේනසිංහට අධිකරණයෙන් නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට ලබන පෙබරවාරි 05 දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ පසුගිය වසරේ නොවැම්බර් 08 වැනිදා ටොයෝටා...

පොලිස් විශේෂ ආරක්ෂක දිසාවට අලුත් ප්‍රධානියෙක්

පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) සිට පත් කර තිබෙනවා. ඒ...

POPULAR ARTICLES