අමාත්‍යාංශ සඳහා උපදේශකවරුන් පත් කරගැනීම, අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්යය මණ්ඩලය පත්කරගැනීම සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දෙමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද මෙම උපදෙස් මාලාවට අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහායක කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර, වාහන, ඉන්ධන, දුරකථන සහ අනෙකුත් පහසුකම් සඳහා වන ප්‍රතිපාදනද ඇතුළත්.
මෙමඟින් වත්මන් රජයේ අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩලය සඳහා උපරිම සේවක සංඛ්‍යාවක් නියම කර තිබෙනවා.
අමාත්‍යවරු සඳහා සහාය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ උපරිමයකට යටත්වන අතර, නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා එම පිරිස 12කට සීමා කර ඇති බවද එම නිවේදනයේ සඳහන්.