28 C
Colombo
Friday, October 18, 2024

වාහන ආදයම් බලපත්‍ර ලබාගැනීම ගැන නිවේදනයක්

- Advertisement -

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී බස්නාහිර පළාතද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාව මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක්ව පැවතියේ පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම බවත් එම ගැටලුවට විසඳුම් ලබා දීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවත් එම අමාත්‍යංශය පෙන්වා දෙනවා.

බස්නාහිර පළාතේ වාහන හිමිකරුවෙකුගේ වාහනයක් මීට පෙර ලියාපදිංචි වී ඇත්තේ වෙනත් පළාතක නම් මේ පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගැනීම කාලය, ශ්‍රමය, ධනය වැය වන ඉතා දුෂ්කර කටයුත්තක් බවට ජනතාව මැසිවිලි නගන බව ද එම නිවේදනයේ සඳහන්.

මෙම දුෂ්කරතාවය පිළිබඳ අවධානය යොමු කරමින් බස්නාහිර පළාත ද හැකි ඉක්මනින් අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කරන්නට අවශ්‍ය කටයුතු සඳහා අදාළ අංශවලට උපදෙස් දෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මින්නේරිය ඛේදවාචකය ගැන පරික්ෂණයක්

ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන්...

සමහර ජ්‍යෙෂ්ඨයෝ ගිය එක අපිට ජයග්‍රහණයක් – නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු එම පක්ෂයෙන් ඉවත්වීම පක්ෂය ලැබූ දේශපාලන ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා...

HPV එන්නත ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා HPV එන්නත ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික්කයේ විදුහලක සිසුවියන් පස් දෙනෙකු රෝහල්ගත කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය කරුණු දක්වා...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

ඉන්දියාවට ඓතිහාසික ටෙස්ට් පරාජයක්

තරග 03කින් සමන්විත නවසීලන්ත - ඉන්දියා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය මේ වනවිට (17) ආරම්භ වී තිබෙනවා. තරගය ඊයේ (16) දින උදෑසන 9.15ට ආරම්භ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...