ඉදිරි පැය 36 දී සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත් වලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එහිදී දකුණු පළාතට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇති විය හැකි බවයි.
එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත් වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.