32 C
Colombo
Saturday, March 22, 2025

නැති වූ සල්ලි ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

- Advertisement -

පසුගිය අප්‍රේල් මස 11 වනදා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයෙන් ලක්ෂ 50ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ එදින මෙහෙයුම් කටයුතු අතරතුරදී මෙම අඩුවීම වාර්තා වූ බවයි.

මහ බැංකු අභ්‍යන්තර සුරක්ෂිතාගාරයක තිබූ ලක්ෂ 50ක වටිනාකමකින් යුතු රුපියල් 5000‍ නෝට්ටු බණ්ඩලයක් මෙලෙස අඩුවී ඇති බවයි එම නිවේදනය සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තය විමර්ශනයක් කඩිනමින් ආරම්භ කර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

මේ අතර එම සිදුවීම පිළිබඳව කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් පොලිස් විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසනවා.

එම විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය සහායද අඛණ්ඩව ලබා දෙමින් සිටින බවත් මෙම සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විමර්ශන කටයුතු දැඩිව සිදු කිරීමට සහ අභ්‍යන්තර පාලනයන් හා මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අදාළ නිවේදනයේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

මැයි මාසයේදී පාර්ලිමේන්තු රැස්වීම් ගැන නිවේදනයක්

මැයි මස පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණය මැයි...

ප්‍රවාහන අමාත්‍යංශය කඩිනමින් ඩිජිටල්කරණයට පියවර

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ කටයුතු ඩිජිටල් කරණය කිරීමට පියවර ගනිමින් සිටින බව එම අමාත්‍යංශය පවසනවා. එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පසුගියදා පැවති විශේෂ...

පුංචි ඡන්දෙට පැමිණිලි කරන්න ඇප් එකක්

පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් මැතිවරණ කොමිෂන් සභාවෙන් අද (22) හඳුන්වාදී තිබෙනවා. විධිමත් සහ නව තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ මැතිවරණ පැමිණිලි...

POPULAR ARTICLES