27.8 C
Colombo
Monday, December 2, 2024

අපේක්ෂකයින්ගේ ආදායම් වාර්තා ගැන කොමිසමෙන් නිවේදනයක්

- Advertisement -

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් විසින් සිය ආදායම් වියදම් වාර්තා එළැඹෙන 06 වැනි දින භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ එදින රාත්‍රී 12.00ට පෙර හෝ ඊට ප්‍රථම එම වාර්තා වෙන් වෙන්ව සකස් කර අපේක්ෂකයින් තරග කරන ලද දිස්ත්‍රික්කවල තේරිම්භාර නිලධාරීන් වෙත භාර දිය යුතු බවයි.

එමෙන්ම ජාතික ලැයිස්තු අපේක්ෂකයින් සිය ආදායම් වියදම් වාර්තා මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත භාර දිය යුතු බවත් මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

තවද අපේක්ෂකයින්ට සහ අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන්ට ස්වාධීන කණ්ඩායම් නායකයින්ට සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ට මැතිවරණ ආදායම් වියදම් වාර්තා භාර දීමට හැකිවන පරිදි සාමාන්‍ය රාජකාරී දිනවල පස්වරු 6.00 දක්වා සහ එලැඹෙන 06 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සියලුම දිස්ත්‍රික්කවල මැතිවරණ ආදායම් වියදම් වාර්තා භාර ගැනීමේ විශේෂ ඒකක විවෘතව තැබීමටද කටයුතු කර තිබෙනවා. 

එදින හෝ එදිනට පෙර අදාළ වාර්තා භාර නොදීම මැතිවරණ විදයම් නියාමනය කිරීමේ පනත යටතේ වරදක් වන බැවින් ඒ පිළිබඳ නීත්‍යානුකූලය කටයුතු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනය මඟින් අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

ජොනී හිඟ සුරා බදු ගෙවලා

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් මත්පැන් සමාගම් දෙකේ හිඟ සුරාබදු ගෙවීමට පියවර ගෙන තිබෙනවා. හිඟ සුරාබදු නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවන ලෙසට...

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක් 

අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ එම විභාගය සඳහා අයදුම්කිරීමට නොවැම්බර් 05 වනදා සිට 30 වනදා...

විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට ගත් 4ක් රිමාන්ඩ්

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උස්ඝෝෂණයක් අතරතුරදී අද (02) අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් සිව්දෙනා දෙසැම්බර් 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. විරෝධතාකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත...

POPULAR ARTICLES