24.5 C
Colombo
Monday, November 25, 2024

ගිනි අවි ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

- Advertisement -

සිවිල් වැසියන්ට නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක බවයි.

විගණනයෙන් පසු හඳුනා ගන්නා පුද්ගලයින්ට යළි ගිනි අවි භාරදීමට පියවර ගන්නා බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි සහ පතොරම් කඩිනමින් භාරදෙන්නැයි, ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළා.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මන්ත්‍රීවරුන්ට, විවිධ දේශපාලන පක්ෂ නායකයන්ට, දේශපාලන සංවිධානවලට මෙන් ම විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ටද ජීවිත ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසියෙන් හා යුද්ධ හමුදාවෙන් නිකුත් කර තිබූ පිස්තෝල, රිවෝල්වර් හා පතරොම් තුවක්කු දෙසැම්බර් මස 30 වන දිනට පෙර ළඟ ම තිබෙන පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දීමක් නිකුත් කළා.

RECENT ARTICLES - SINHALA

නුවරඑළිය ගොල්ෆ් පිටියේ ඉපැරණි රූස්ස ගස් විනාශ කිරීම ගැන පොලිස් විමර්ශන

නුවරඑලිය ගෝල්ෆ් ක්‍රිඩාංගණයේ වසර 100 වඩා ඉපැරණි ගාන්ඩිස් ඇතුළු නුවරඑලිය ප්‍රදේශයට ආවේනික වු රුස්ස ගස් පනහක බඳෙහි පොතු ගලවා කළු තෙල් තවරා ගස් විනාශ...

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු

නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා  අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙණෙවිය...

නිධන් හොයන්න ගිය 5ක් අත්අඩංගුවට

වනාතවිල්ලුව - රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් 5 දෙනෙකු වනාතවිල්ලුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES