26.2 C
Colombo
Saturday, December 14, 2024

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

- Advertisement -

නව පාසල් වාරය ආරම්භයට පෙර සිසුන් අතට පාසල් නිල ඇඳුම් ලබාදීමට උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, එම නිල ඇඳුම් කටට්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත යොමු කරන බවයි.

ඒ අනුව නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 27 වැනි දාට පෙර සිසුන් අතට නිල ඇඳුම් රෙදි ලබා දීමට කටයුතු කරන බවද ඔහු පවසා තිබෙනවා.

චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි පසුගියදා (10) නිල වශයෙන් මෙරටට ලබා දුන්නා.

2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර් මිලියන 11,817ක් වන අතර පාසල් නිල ඇඳුම් දීමට නියමිත සිසුන් සංඛ්‍යාව 4,640,086ක් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

RECENT ARTICLES - SINHALA

ගැසට් කළ සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මෙන්න

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිසම ඊයේ (12) මෙම ගැසට් නිවේදනය නිකුත් කළා. සුජීව සේනසිංහ, නිසාම් කාරියප්පර්, මනෝ ගනේෂන්...

ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙයි

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින් (14) ඇරඹෙනවා. ඒ සඳහා, වන්දනාකරුවන් සඳහා අවශ්‍ය ආරක්ෂාව, විදුලිය, සනීපාරක්ෂාව, මාර්ග, දුම්රිය, මගී ප්‍රවාහන සේවාවන්, ආහාර සුරක්ෂිතතාවය, ඇතුළු මූලික...

සහල් අලෙවි කරන්නන් ගැන වැටලීම් අදත්

සහල් සඟවා ගැනීම, පාලන මිලට ඉක්මවා සහල අලෙවි කිරීම සම්බධයෙන් දිවයින පුරා සිදු කෙරෙන වැටලීම් තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. එම...

POPULAR ARTICLES

ගැසට් කළ සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මෙන්න

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිසම ඊයේ (12) මෙම ගැසට් නිවේදනය නිකුත් කළා. සුජීව සේනසිංහ, නිසාම් කාරියප්පර්, මනෝ ගනේෂන්...

ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

පාකිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තා. නමුත් පාකිස්තාන...