30 C
Colombo
Thursday, September 19, 2024

භීෂණය පතුරුවන වීඩියෝ පට කිහිපයක් ගැන පොලීසියෙන් නිවේදනයක්

- Advertisement -

දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයින් විසින් පරීක්ෂා කිරීම, ඇඳිරිනීතිය පනවන ලද අවස්ථාවලදී ලබා ගන්නා ලද වීඩියෝ දර්ශන ආදී වීඩියෝපට මේ දිනවල හුවමාරු වෙමින් පවතින බවයි.

මෙවැනි වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් වැරදි මතයක් සමාජ ගතවන බව හා අදාළ වීඩියෝ පට කාලීන සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීම ජනතාව නොමග යැවීමක් එහි සඳහන් වනවා.

එසේම එය රට තුළ මහජන සාමය හා නීතිය ආරක්ෂා කිරීමට සෘජු ලෙස බාධා ඇතිවන බව පොලීසිය පවසනවා.

මේ හේතුවෙන්, එවැනි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ පළ කිරීම හා බෙදා හැරීමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, එවැනි ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයේ වීඩියෝ දර්ශන පළ කරනු ලැබුවහොත් එවැනි අයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවයි.

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබීමක් – එක් අයෙක් ජීවිතක්ෂයට

ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදී අද (19) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි මාළු...

සමාජ මාධ්‍ය හරහා මැතිවරණ නීති කඩ කළොත් වැඩ වරදියි

සමාජ මාධ්‍ය හරහා මැතිවරණය හා  සම්බන්ධයෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයෙන් ක්‍රියා  කළහොත් ඒ්  සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  නියෝජ්‍ය...

ඡන්ද කාඩ් නිවෙස්වලට බෙදාහැරීම අවසන්

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම මේ වනවිට සියල්ල අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...