25.1 C
Colombo
Monday, November 25, 2024

මහජන උපයෝගීතා කොමිසමෙන් නිවේදනයක්

- Advertisement -

විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය සකස් කිරීමට විදුලිබල මණ්ඩලය යළි කල් ඉල්ලීමට අදාළව සිය ප්‍රතිචාරය අද(25) යොමු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එම කොමිසම සඳහන් කළේ, ගාස්තු සංශෝධන යෝජනාවලිය සකස් කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය මීට පෙර අවස්ථා දෙකකදී කල් ඉල්ලූ බවයි.

ඒ අනුව අදාළ යෝජනාවලිය ලබා දීම මාසයක කාලයක් ප්‍රමාද වී තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ, ඒ හේතුවෙන් විදුලිය ගාස්තු සංශෝධනයක් මේ වසරේ සිදුකිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි.

පසුගිය 22 වැනිදාට පෙර ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබාදෙන්නැයි මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවස්ථාව සලසා දී තිබුණා.

එහෙත් විදුලිබල මණ්ඩලය යළි ලිඛිතව දැනුම් දී ඇත්තේ, තවත් සති 2ක් ලබා දෙන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ පැවැත්වීම අත්හිටුවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මෙවර අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා දෙසැම්බර් මස...

ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 200ක ණයක්

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක ණය මුදලක්  අනුමත කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ආසියානු සංවර්ධන...

මීගමුව කලපුවේ අතුරුදන් වූ දියණියගේ මළ සිරුර සොයා ගනී

මීගමුව, මුන්නක්කරෙයි කලපුව ආශ්‍රිතව බෝට්ටුවක් පෙරළීමෙන් අතුරුදන්වූ දියණියගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා. සිද්ධියෙන් අතුරුදන්වූ පියා මෙතෙක් සොයා ගෙන නොමැති බව පොලීසිය පැවසුවා. මීගමුව , මුන්නක්කරෙයි...

POPULAR ARTICLES