29 C
Colombo
Wednesday, April 30, 2025

Tiktok කලාත්මාගෙන් නිවේදනයක්

- Advertisement -

tiktok සමාජ මාධ්‍යයෙන් බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ කලාත්මා හිටි හාමිගේ යන තරුණිය විසින් ඇයගේ ඡායාරූපයක් සමඟ පළ කර තිබූ වීඩියෝවක් හේතුවෙන් පසුගියදා රාත්‍රියේදී සමාජ මාධ්‍ය තුළ දැඩි උණුසුමක් ඇති වී තිබුණා.

එම වීඩියෝව මගින් ඇය සිය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබුණේ, ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳ තමන්ට ඇති අත්දැකීම් කමෙන්ට් එකක් හරහා බෙදාගන්නා ලෙසයි.

ඇය එක් කළ මෙම විඩීයෝවත් සමගින් විශාල පිරිසක් මෙරට ජනප්‍රිය කලා කරුවන්ගේ වඩාත් ආන්දෝලනාත්මක අන්දමේ කතා හෙළිකර තිබීම හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි උණුසුමක් ඇතිවීමට හේතු වී තිබෙනවා.

එමගින් ජනප්‍රිය කලා කරුවන් සහ කලාකාරිනියන් තමන්ගේ පෞද්ගලික ජීවිතය තුළ අයථා ආකාරයෙන් හැසිරීම මෙන්ම මූල්‍යමය වංචාවන් පවා සිදු කරන බවට නම් ගම් ඇතුළුව බරපතල චෝදනා පිළිබඳව සමාජ මාධ්‍යයේ හෙළිකර තිබුණා.

ක්‍රිකට් ක්‍රීඩකයින් සහ දේශපාලනඥයින්ද  ඒ අතර වනවා.

කෙසේවෙතත් ඇයගේ මෙම ටික්ටොක් වීඩියෝවක් හරහා ඇති වූ ආන්දෝලනය පිළිබඳ පැහැදිලි කරමින් ඇය විසින් නිවේදනයක් පළ කර තිබෙනවා.

මේ පිළිබඳ කලාත්මා නිකුත් කළ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහතින්,

මම කලාත්මා- ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඕපාදූප ගැන අන්තර්ජාලයේ වයිරල් ගිය තරුණිය මම. මෙම සිදුවීම ගැන විවිධ කතා සහ අදහස් මම දැක්කා. ඒ නිසා මට මගේ අදහස බෙදාගන්න ඕනෑ. මම ඉතාම සතුටු වෙනවා, ඔබ මොහොතක් අරගෙන මේක කියවනවා නම්. මම මුලින්ම මේ වීඩියෝව පළ කළ වෙලාවේ, මම ඕපාදූප ඇහුවේ නැහැ. මම ජාත්‍යන්තරයේ ගිය ටික්ටොක් ප්‍රවණතාවක් අනුව තමන් නොසිතූ ලෙස තමන්ට මුණගැහුණු ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන විමසුවා පමණයි. මුලින්ම ලැබුණු කමෙන්ට් කිහිපය ආදරණීයයි. ඒ අතරින් කෙනෙක් මාව කොත්තු කඩයක මුණගැසුණු කතාවකුත් බෙදාගෙන තිබුණා. මුලින්ම එය කිසිම හානියක් නැති, විනෝදබර දෙයක් වුණා.

එහෙත්, වීඩියෝවට අවධානය ලැබෙන විට තත්වය වෙනස් වුණා. පුද්ගලයන් විවිධ නම් සහ චෝදනා ඉදිරිපත් කරන්න ගත්තා. නිර්මාණකාරියක ලෙස මට වගකීමක් තිබෙනවා, හානිදායක ප්‍රතිචාර ඉවත් කිරීමට. මම මුලින්ම එහෙම කළා. එහෙත්, වීඩියෝවට අවදානය වැඩි වී 20,000කට වැඩි කමෙන්ට් ප්‍රමාණයක් ලැබෙද්දී ඒ සියල්ලට සමගාමීව නියාමනය කිරීම අසීරු වුණා.

කෙසේවෙතත් මම පුද්ගලිකව මෙයින් බලපෑමට ලක්වූවන්ගෙන් සමාව ඉල්ලුවා. මම මට කළ හැකි දේ කළා. එහෙත්, අන්තර්ජාලය තුළ පුද්ගලයන් කියන දේවල් මට පාලනය කළ නොහැකියි. බොහෝ අය විමසන පැනය වන්නේ මම සියලුම ප්‍රතිචාර මකා නොදැම්මේ ඇයිද කියන එක. එහෙත්, එහි ඇති ඇතැම් චෝදනා සත්‍ය නම් ඇතැම්විට සැබෑ වින්දිතයන් අන්තර්ජාලයේ ඉඩක් ඉල්ලා සිටින්නේ නම්? තමන්ගේ කතාව ඉදිරිපත් කරන්නට ඉඩකඩක් ඉල්ලා සිටින්නේ නම් එය කියන අතර, ප්‍රතිචාර අවකාශය දැන් පත්ව ඇති තත්වය සමඟ මා සිටගන්නේ නෑ. මම එහි කියා ඇති දේවල් ප්‍රවර්ධනය කරන්නේ, තහවුරු කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

මම දන්නවා මම වැරදි හේතු මත විශාල අවධානයක් ලබමින් සිටින බව. එහෙත් මේ වේදිකාව යහපත් අරමුණකට යොදාගනිමින් ඉදිරියට ගමන් කිරීමට මම බලාපොරොත්තු වෙනවා”

කෙසේවෙතත් මෙම වීඩියෝව මිලියන දෙකකට වැඩි පිරිසක් නරඹා ඇති අතර ප්‍රතිචාර 20,000කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

බදු විරාමය ඉවර වෙන්න ඉස්සෙල්ලා අමෙරිකාව එක්ක එකඟතාවකට එනවා – රජය

තීරුබදු ගැටලුව සම්බන්ධයෙන් අමෙරිකාව සමග එකඟතාවලට පැමිණීම එම තීරුබදු තාවකාලිකව අත්හිටුවා ඇති දින 90ක කාලසීමාව තුළ සිදුකර ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ක්‍රමසම්පාදන...

ස්විස් තානාපතිනියගේ සේප්පුවෙන් ලක්ෂ 45ක රන් බඩු කොල්ල කාලා

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට් තොගයක් සොරාගෙන ගොස්...

iPhone කිහිපයකට WhatsApp නැතිවෙයි

එළැඹෙන මැයි මස සිට Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇති බවට වාර්තාවනවා. ඒ අනුව Apple මාදිලිවල...

POPULAR ARTICLES

බදු විරාමය ඉවර වෙන්න ඉස්සෙල්ලා අමෙරිකාව එක්ක එකඟතාවකට එනවා – රජය

තීරුබදු ගැටලුව සම්බන්ධයෙන් අමෙරිකාව සමග එකඟතාවලට පැමිණීම එම තීරුබදු තාවකාලිකව අත්හිටුවා ඇති දින 90ක කාලසීමාව තුළ සිදුකර ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ක්‍රමසම්පාදන...

ස්විස් තානාපතිනියගේ සේප්පුවෙන් ලක්ෂ 45ක රන් බඩු කොල්ල කාලා

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට් තොගයක් සොරාගෙන ගොස්...

iPhone කිහිපයකට WhatsApp නැතිවෙයි

එළැඹෙන මැයි මස සිට Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇති බවට වාර්තාවනවා. ඒ අනුව Apple මාදිලිවල...