කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල සහ කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, අම්පාර දිස්ත්‍රික්කවලට අදාළවයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ එම ප්‍රදේශවලට තැනින් තැන වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවධානමක් පවතින බවයි.
ගිගුරුම් සහිත වැසි ඇති වෙන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.