X-Press Pearl නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ ලබන 29 වැනිදා විරෝධතා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මීට පෙර එම අධිකරණය නෞකාව අයත් සමාගමෙන් ලබා ගත හැකි වන්දිය ස්ටාර්ලිං පවුම් මිලියන 19.5 කට සීමා කර තිබූ බවයි.
ඒ තුළින් නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට ප්‍රමාණවත් වන්දියක් අයකර ගැනීමට සීමා පනවා තිබුණා.
මේ අතර, සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහධිකරණය හමුවේ නෞකා සමාගමෙන් වන්දි අයකර ගැනීම සඳහා පනවා ඇති නඩුවට අදාළව සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබන 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, පළමු සාක්ෂිකරු ලෙස හර්බර් මාස්ටර්වරයා ඉදිරිපත් කරන බවයි.