මහ මැතිවරණයට අදාළ ආදායම් වියදම් වාර්තා භාරදීමට අපේක්ෂකයින්ට දෙසැම්බර් 6 වැනි දා දක්වා කාලය දී තිබෙනවා.
ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ, දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාට එම වාර්තා ඉදිරිපත් කළ යුතු බවයි.
දේශපාලන පක්ෂ වෙනුවෙන්, පක්ෂ ලේකම්වරයා විසින් ආදායම් වියදම් වාර්තා ලබාදිය යුතු වනවා.
ස්වාධීන කණ්ඩායම් වෙනුවෙන් වාර්තා ඉදිරිපත් කළ යුත්තේ, එම කණ්ඩායමේ නායකයායි.
ඒ අනුව, මහ මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවේ නම් ඇති සියලුදෙනා, මැතිවරණ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
එම වාර්තා ලබාදීම පැහැර හැරීම මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ගැණෙන වරදක් වනවා.