27 C
Colombo
Tuesday, September 24, 2024

අගමැතිනිය වීම ගැන හරිනිගෙන් උත්තරයක් (වීඩියෝ)

- Advertisement -

අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී ඊයේ (22) මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව සඳහන් කළා.

රට අර්බුකාරී තත්වයකට පත්ව ඇති මෙවැනි මොහොතක සිය පක්ෂයට ජනවරමක් ලැබී ඇති බවත් එම තත්වය මඟ හරවා ගැනීම සඳහා වැඩ කටයුතු හෙට සිටම ආරම්භ කළ යුතු බවත් හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී පවසා සිටියා.

එමෙන්ම,  රට පාලනය කිරීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයට අත්දැකීම් කිසිවක් නොමැති බවට සමාජයෙන් එල්ල වන විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින් හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ  රට බංකොලොත්භාවායට පත් කිරීම පිළිබඳව අත්දැකීමක් නම් ඔවුන්ගේ පක්ෂයට නොමැති බවයි.

කෙසේවෙතත්, ඉදිරියේදී රට දියුණු කරමින් අත්දැකීම් එකතු කර ගැනීමට අපේක්ෂා කරන බව හරීනි අමරසූරිය මහත්මිය මෙහිදී අවධාරණය කළා.

RECENT ARTICLES - SINHALA

රනිල් සජිත් එකගෙයි කෑමේ සුදානමක්

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

ඇමතිකම දාලා කංචන ගෙදර ගිහින්

විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර සිය අමාත්‍යාංශයෙන් ඉවත් ගොස් තිබෙනවා. අමාත්‍යවරයා සිය ඉවත්වීම නිල X ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර...

ජනාධිපති පෞද්ගලික ලේකම් පත්කරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව විසුරුවනවා – ටිල්වින්

නව ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් අනතුරුව හැකි පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා...

රනිල්ගෙන් ගැසට්ටුවක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරුණා. මෙම...

අගමැතිනිය වීම ගැන හරිනිගෙන් උත්තරයක් (වීඩියෝ)

අගමැති ධූරයට පත් විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධව සිය පක්ෂය තවමත් තීරණය කර නොමැති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ජාතික ජන...