පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් මැතිවරණ කොමිෂන් සභාවෙන් අද (22) හඳුන්වාදී තිබෙනවා.
විධිමත් සහ නව තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමට අදාළවයි EC EDR නම් ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදී තිබෙන්නේ.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා දැක්වූ අදහස් :
“මහජනතාවට පැමිණිල්ලක් තිබෙනවා නම් දැන් හැකියාව තිබෙනවා මේ ඇප් එක හරහා එය ඉදිරිපත් කරන්න. පැමිණිල්ල කරපු පුද්ගලයාටත් දැනගත්ත පුළුවන් එයාගේ පැමිණිල්ලට මොකද වුණේ කියලා. මේ ඇප් එක හරහා වීඩියෝ, ඡායාරූප තොරතුරු ලබාදීමේ හැකියාවත් තිබෙනවා.”