29 C
Colombo
Friday, September 20, 2024

යුද හමුදා කෝප්‍රල්වරයෙක් සුදු ඉරේදී කාන්තාවක් හප්පලා

- Advertisement -

හොරණ පොකුණුවිට නගරයේ දි පදික මාරුව මතින් ගමන් ගත් කාන්තාවක් යුද හමුදා කොප්‍රල්වරයකු පැදවූ මෝටර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.

අනතුරින් බරපතල තුවාල ලැබුවේ හල්තොට ලෙනවර ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක්.

තුවාල ලද කාන්තාව වෛද්‍යවරියකගේ නිවසේ ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කරන අතර ඇය පොකුණු විට නගරයේදී පදික මාරුව මතින් පාර මාරුවීමේදී බණ්ඩාරගම දෙස සිට හොරණ දෙසට ගමන් ගත් මෝටර් රථයක ගැටී අඩි 12 ක් පමණ ඈතට විසි වී මාර්ගයේ වැටී ඇතැයි පොලිසිය පවසනවා.

බරපතළ තුවාල ලද කාන්තාව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

අපරීක්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකාර යුද්ධ හමුදා කෝප්‍රල්වරයා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 23 වෙනිදින දක්වා රිමාන්ඩ් භාරයට පත් කළා.

RECENT ARTICLES - SINHALA

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19) රාත්‍රියේ...

වසන්ත මුදලිගේ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා...

කුවේට් නව ශ්‍රී ලංකා තානාපතිවරයාට කාරක සභාවේ අනුමැතිය

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ් අනුව කුවේට් රාජ්‍යයේ නව ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස...

POPULAR ARTICLES

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රනිල්ට උදව් කරන්න කියලා ගෝඨා මට කෝල් දෙනවා

0
රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. තමන් ක්‍රිකට්...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...