නුවරඑළිය බගවන්තලාව ප්‍රදේශයේ මැතිවරණ ආවරණයට ගොස් සිටියදී මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙසේ ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ දමිළ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයත කිහිපයක ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වශයෙන් කටයුතු කරන එස්.සතිස් මහතාටයි.
මෙහිදී අදාළ මාධ්‍යවේදියාට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් හිසට පහර දී ඇති අතර ඔහු බරපතල තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත (14) ඇතුළත් කර තිබෙනවා.
මේ වන විට බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සතිස් කුමාර් මහතා පවසන්නේ බගවන්තලාව කර්කස්වොල් වතුයායේදී අද (14) දින පස්වරුවේ බිමත්ව තමන් පිටුපසින් පැමිණි පුද්ගලයෙකු අසල වෙලදසැලකින් පිහියක් රැගෙන තමාගේ හිසට පහර දුන් බවයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් තරග වැදුණු අපෙක්ෂිකාවකගේ ආධාරකරුවෙකු විසින් මෙම පහර දීම සිදු කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් තමන් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් කළ බවත් සතිස් මහතා තවදුරටත් පවසා තිබෙනවා.
(හැටන් – රංජිත් රාජපක්ෂ)