බදුල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු බරපතළ කැපුම් තුවාල සහිතව බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බන්ධනාගාරයේ වෙනත් නිලධාරියෙකු රිය අනතුරකට ලක්වී ඇති බව පවසමින් දුරකථන ඇමතුමක් ලබාදී අදාළ නිලධාරියාව බදුල්ල හල්පේ ප්රදේශයට කැඳවා මෙම පහරදීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.
එහිදී ඔහුට පුද්ගලයින් සිව්දෙනෙකු විසින් යතුරුපැදි හිස්වැසුමකින් පහරදී කැපුම් තුවාල ද සිදුකර ඇති බවට වාර්තා වනවා.