29 C
Colombo
Monday, April 7, 2025

මහින්දට ප්‍රහාරයක්

- Advertisement -

පොදුජන ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති, හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ, සාමකාමී විරෝධතාකරුවන්ට පහරදී ගිණි තැබීමට කොළඹට පැමිණි අවස්ථාවේදීයි.

මහින්ද කහඳගම රාජපක්ෂ සමීපතයෙකු වන අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ ඉදි වුණු පදික වෙළෙන්ඳන් සඳහා වූ විශේෂ ස්ථානවල ඉඩකඩ වෙන් කිරීමේ දී එහි දේශපාලන හස්තය මෙහෙයවූයේ මහින්ද කහඳගමය.

එම රජය පවතින කාලයේ මහින්ද කහඳගම තම බලපරාක්‍රමය පෙන්නුවේ තමන්ගේ සංගමයේ සාමාජිකත්වය නැති කිසිදු කෙතනකුට කොළඹ පදික වෙළෙඳාම් කළ නොහැකි බව පවසමිනි.

එසේම ආණ්ඩුව වෙනුවෙන් කොළඹ පැවති මොනම හෝ උද්ඝෝෂණයකදී විනාඩි කිහිපයක් තුළ පිටකොටුව බෝධිය ළඟට, කොටුව දුම්රිය පළ ළඟට සෙනඟ ගෙන්වූයේ ඔහුය.

ජනතා අරගලයට පහරදීමට පැමිණි පිරිසට ජනතාව දඬුවම් දෙනවිට ඔහුටද පහරදී තිබුණේ මෙලෙසය.

RECENT ARTICLES - SINHALA

තීරු බදු ගැන කතා කරන්න විජිත චන්ග් හමුවෙන්න ගිහින්

අමෙරිකාව පැනවූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි...

තීරුබදු ගැටලුවට රටක් ලෙස මුහුණ දෙමු-ජනපති

අමෙරිකානු තීරුබදු පැනවීමෙන් උද්ගත වන ගැටලුවට පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා රටක් ලෙස එක්ව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ...

මෙරට විදෙස් සංචිත ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව...

POPULAR ARTICLES