සම්මාන උළෙලකදී වසරේ හොඳම ගීතය සඳහා වැඩිම වාර ගණනක් නිර්දේශ වූ ගායිකාව බවට ටේලර් ස්විෆ්ට් පත්ව තිබෙනවා.
ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන 2024 ග්රැමී සම්මාන උළෙල වෙනුවෙන් ඇය මෙලෙස හොඳම ගීතය සඳහා නිර්දේශ වී ඇත්තේ හත්වන අවස්ථාවටයි.
ඇය ගායනා කළ ඇන්ටි හීරෝ ගීතය මෙලෙස ග්රැමී සම්මාන උළෙලේ හොඳම ගීතය ලෙස නිර්දේශ වී ඇති අතර, ඇය තැබූ වාර්තාව ශ්රීමත් පෝල් මැකාට්නි සහ ලයනල් රිචී අභිබවා යෑමක්.
ඔවුන් හය වතාව බැගින් ග්රැමී හොඳම ගීතය වෙනුවෙන් නිර්දේශ වී තිබුණා.