26 C
Colombo
Friday, October 18, 2024

සංහිඳියාව වෙනුවෙන් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්

- Advertisement -

ජාත්‍යන්තර සාම දිනයට සමගාමීව සංහිඳියාවට බාධාවන සිදුවීම් හටගන්නා අවස්ථාවල ජංගම දුරකථන හරහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය පවසනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ග්‍රාමීය මට්ටමින් සාමය හා සංහිඳියාව ඇති කිරීම අරමුණු කරගනිමින් දිවයිනේ සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි මෙම ග්‍රාමීය සංහිඳියා කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති බව වාර්තා වෙනවා.

ග්‍රාමීය මට්ටමේ සංහිඳියා කමිටු 14,022 ක 350,000 ට අධික සාමාජික සාමාජිකාවන්ගෙන් සැදුම්ලත් දත්ත ප්‍රේෂණ ජාලයක් සහිතව නිර්මාණය කරන ලද මෙම වැඩසටහන ජංගම දුරකථන යෙදවුමක් වශයෙන් නිර්මාණය කර තිබෙනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කළේ ජාතික සමඟියට බාධා වන මුල් අවස්ථාවේදීම එය හඳුනාගැනීමට සහ ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට බිම් මට්ටමේ සිට රාජ්‍ය පාලන තන්ත්‍රය දක්වා සම්බන්ධ කරමින් මෙම ග්‍රාමීය සංහිඳියා කමිටු පිහිටුවා ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...