31 C
Colombo
Saturday, December 14, 2024

මහින්දගේ ආරක්ෂාවට අවුරුද්දට මිලියන 326ක් වැය කරලා

- Advertisement -

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන් ද යොදවා සිටින බැවින් ඒ මහතාගේ ආරක්ෂාව කිසිදු අයුරකින් බිඳවැටී නැති බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක කටයුතු ආවරණය කිරීම සඳහා අනියුක්ත කර සිටින පොලිස් නිලධාරීන්ගේ වැය බර වාර්ෂිකව රුපියල් මිලියින 1100 ක් වන බවද පොලීසිය සිය නිවේදනයේ දක්වා තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 326 කට අධික වැය බරක් දරණ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පෙන්වා දෙනවා.

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි දක්වා ඇති විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම යන ප්‍රතිපත්තිමය තීරණයට අනුව කටයුතු කරමින් රජය විසින් ප්‍රභූ ආරක්ෂාව සදහා නිලධාරීන් අනියුක්ත කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව මගින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක තක්සේරු වාර්තා සහ ඒ සඳහා පොලීසිය දරණ වැය බර සමාලෝචනයට ලක් කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන් සදහා ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 ක් දක්වා සංශෝධනය කර පවත්වාගෙන යාමට තීරණය කර ඇත්තේ ඒ අනුවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා සන්නද්ධ සේවාවල සාමාජිකයින්ද යොදවා ඇති බවද එම නිවේදනයේ සඳහන්.

RECENT ARTICLES - SINHALA

ගැසට් කළ සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මෙන්න

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිසම පසුගියදා (12) මෙම ගැසට් නිවේදනය නිකුත් කළා. සුජීව සේනසිංහ, නිසාම් කාරියප්පර්, මනෝ ගනේෂන්...

ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙයි

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින් (14) ඇරඹෙනවා. ඒ සඳහා, වන්දනාකරුවන් සඳහා අවශ්‍ය ආරක්ෂාව, විදුලිය, සනීපාරක්ෂාව, මාර්ග, දුම්රිය, මගී ප්‍රවාහන සේවාවන්, ආහාර සුරක්ෂිතතාවය, ඇතුළු මූලික...

සහල් අලෙවි කරන්නන් ගැන වැටලීම් අදත්

සහල් සඟවා ගැනීම, පාලන මිලට ඉක්මවා සහල අලෙවි කිරීම සම්බධයෙන් දිවයින පුරා සිදු කෙරෙන වැටලීම් තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. එම...

POPULAR ARTICLES

ගැසට් කළ සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මෙන්න

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිසම පසුගියදා (12) මෙම ගැසට් නිවේදනය නිකුත් කළා. සුජීව සේනසිංහ, නිසාම් කාරියප්පර්, මනෝ ගනේෂන්...

ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

පාකිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තා. නමුත් පාකිස්තාන...

ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙයි

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින් (14) ඇරඹෙනවා. ඒ සඳහා, වන්දනාකරුවන් සඳහා අවශ්‍ය ආරක්ෂාව, විදුලිය, සනීපාරක්ෂාව, මාර්ග, දුම්රිය, මගී ප්‍රවාහන සේවාවන්, ආහාර සුරක්ෂිතතාවය, ඇතුළු මූලික...