චීනයේ හෙනාන් හි කාර්මික නගරයක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඇලුමිනියම් නිෂ්පාදනාගාරයක මෙම පිපිරීම සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුරින් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් ආයතනය භාරව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.