පදික වෙළෙඳුන්ට උත්සව සමය වෙනුවෙන් මහජනතාවට අවහිරයක් නොවන ලෙස භාණ්ඩ අලෙවි කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පදික වෙළෙඳ සංගම් නියෝජිතයින් සමග ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
එහිදී පදික වෙළෙඳුන්ගේ ගැටළු පිළිබඳ තමන් ජනපතිවරයා සමඟ සාකච්ඡා කරන බවත්, ඒවාට නිසි විසඳුම් ලබාදීම සඳහා කමිටුවක් පත්කරන බවත් සඳහන් කළා.
තවද පොලිස්පතිවරයා සමග සාකච්ඡා කරමින් පදික වෙළෙඳුන් ඉදිරිපත් කළ ඇතැම් ගැටලුවලට ඒ අවස්ථාවේදී ම විසඳුම් ලබා දීමට ද පියවර ගත් අතර, තවදුරටත් පදික වෙළෙඳුන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඔවුන් සදහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධව ද මෙහිදී අවධානය යොමු වුණා