26.9 C
Colombo
Thursday, December 5, 2024

යුධ නීතිය පැනවූ දකුණු කොරියානු ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්

- Advertisement -

වසර 50කට පමණ පසු ප්‍රථම වතාවට දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් ඊයේ (03) ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ යුධ නීතිය ප්‍රකාශයට පත් කර තිබුණා.

ඒ එරට සියලු ප්‍රජාවම කම්පනයට පත් කරමින්.

දකුණු කොරියානු ජනාධිපතිවරයා සිය දැඩි තීරණය රූපවාහිනිය තුළින් නිවේදනය කළ අතර “රාජ්‍ය විරෝධී බලවේග” සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනය ගැන ද ඔහු එහිදී සඳහන් කළා.

කෙසේ වෙතත්, එයට විරෝධය දැක්වීම සඳහා දහස් ගණන් ජනතාව පාර්ලිමේන්තුවට රැස් කිරීමට පෙළඹවූ අතර අද අලුයම් කාලයේ රැස්වූ එරට පාර්ලිමේන්තුව ඒකමතිකව, හමුදා නීතියට එරෙහිව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබෙනවා.

ඊට මන්ත්‍රීවරුන් 190 දෙනෙකු ඇතුළත්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම තත්ත්වය තුළ ජනාධිපතිවරයාට සිය තීන්දුව හකුලා ගැනීමට සිදු වූ බවයි.

මේ අතර, අද දහවල්, විපක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේ සභාගත කළා.

ඒ අනුව ඉදිරි පැය 72 තුළ, අදාල යෝජනාව විවාදයට ගෙන ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ එම ක්‍රියා කලාපය මේ වනවිට ජාත්‍යන්තරයේ විවේචනයට ලක්ව තිබෙනවා.

මේ අතර, ඉදිරි සතිවල සිදුවීමට නියමිතව තිබු ස්වීඩන අග්‍රාමාත්‍යවරයාගේ සහ හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයෙකුගේ නිල කොරියානු සංචාර අවලංගු කිරීමට ස්වීඩන සහ ජපන් බලධාරීන් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

අමෙරිකාවේ ධවල මන්දිරය ද නිවේදනය නිකුත් කරමින් පැවසුවේ, දකුණු කොරියාවේ වත්මන් තත්ත්වය සමීපව නීරීක්ෂණය කරමින් සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය හා අනුර අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා එහිදී ඉලංගෙයි තමිල්...

වසර 105කට පසු ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන ‘ඔක්ස්ෆර්ඩ්’ සරසවියට 105 වසරකට පසුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ භික්ෂුවක් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා තේරී පත් ව...

POPULAR ARTICLES

බිමල් හෙළිකල රනිල් දීපු බාර් ලයිසන් ගණන මෙන්න

2024 වසරේ ජනවාරි 1වනදා සිට ඔක්තෝබර් 6 දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්මේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

දකුණු කොරියාවේ ජනපතිට එරෙහි විරෝධතා

රට තුළ දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් සියල්ල තහනම් කරමින් රටට හමුදා නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා ගත් තීන්දුව ඔහු විසින්ම හකුලාගෙන තිබෙනවා. ඒ ඊට එරෙහිව...