තවත් කොවිඩ් මරණ 36ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (08) තහවුරු කර ඇති බවය.
ඒ අතරට අවුරුදු 30ට අඩු පුද්ගලයින් තිදෙනෙක් අයත්ය.
මෙය 2021 නොවැම්බර් මාසයෙන් පසුව වාර්තා වූ ඉහළතම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව වනවා
මේ සමඟ, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,692ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.